ඇමැති වීරවංශ ප්‍රසිද්ධියේ සමාව ගනු…! – පොහොට්ටු ලේකම්….

February 8, 2021 at 2:38 pm | by emanisa.lk

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඇමැති වීරවංශ පසුගිය දා පුවත්පතකට කළ ප්‍රකාශයක් පාදක කර ගෙන ය.

ඇමැති විමල් වීරවංශ පවසා තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදිය යුතු බව ය.

පොදුජන පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්ෂ දරන අතර ජී.ඇල්. පීරිස් සභාපතිත්වය දරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස