යාපන අර්ධද්වීපයේ දූපත් තුනක පුනර්ජනනීය බලශක්ති විදුලි බලාගාර 3ක් ඉදිකිරීමේ දැවැන්ත ව්‍යාපෘති 3ක් චීනයට ලබා දීමට ආණ්ඩුව පියවර ගැනීමත් සමග ඉන්දියාව මහත් කලබලයට පත්ව අණ්ඩුවට සිය දැඩි විරෝධය දැනුම් දීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
ජනවාරි 18 වැනි දින පැවැති කැබ්නට් මණ්ඩල රැස්වීමේදී මෙම තීන්දුව ආණ්ඩුව ගෙන ඇති අතර ඒ අනුව ඩෙල්ෆ්ට්, අනලතිවු සහ නයිනතිව් යන දූපත්වල මෙම විදුලි බලාගාර ඉදිකිරීම චීනයට ලබා දී ඇති බව දැනගන්නට ඇත.
ඩෙල්ෆ්ට් දූපත ඇත්තේ ඉන්දියවේ රාමේෂ්වරන් සිට කිලෝමීටර් 48ක් දුරිනි. මෙම ව්‍යාපෘතිය අමෙරිකානු ඩොලර් මිලියන 12ක් වන බව ද වාර්තා වේ. ආරක්ෂක හේතු මත ඉන්දියාව මෙම විරෝධය පළ කොට ඇති බව දැනගන්නට තිබේ.