පොලිසිය මෙවර නිදහසට T-56 නැතිව එයි….!

February 4, 2021 at 6:32 am | by emanisa.lk

මෙවර නිදහස් පෙළපාළියට පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එක්වන නිලධාරීන් හා නිලධාරිනියන් අතින් T-56 ගිනි අවිය ඉවත් කිරීමට තීරණය කර ඇත.

ජනතාව සමග කටයුතු කරන ජනතාවාදී පොලිසියක් බවට පෙන්වා දීමේ අරමුණින් පොලිස් නිලධාරීන්ට පිස්තෝල ආදී සුළු අවි හා ගමන් කථන (වෝකි ටෝකි) ලබාදීමට පියවර ගෙන ඇත.

මේ අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර පොලිස් නිලධාරීන් T-56 ගිනි අවිය නොමැතිව නිදහස් පෙළපාළියට එකතු වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *