පදනම් විරහිත ජිනීවා යුද අපරාධ චෝදනාවලට මුහුණ දෙන්න ආණ්ඩුව සූදානම්…! – කෙහෙළිය

February 2, 2021 at 8:27 pm | by emanisa.lk

යුද අපරාධ පිළිබඳ එල්ල කෙරෙන චෝදනාවලට ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ දී සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

“මංගල සමරවීර මැතිතුමා විසින් 30/1 යන යෝජනාවට සම අනුග්‍රාහය දක්වමින් අපි වැරදි කරයි කියන යෝජනාවක් ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵල තමයි අපි මේ තවමත් භුක්ති විඳින්නේ.

යුද්ධ කාලේ ඉදිරිපත් කළ වීඩියෝ පට ඇතුළු බොහෝ දෙවල් එය වෙනත් රටවල වෙනත් සිද්ධි ඇසුරින් නිර්මාණය කර බව අපිට ඔප්පු කරන්න හැකියාවක් ලැබුණා.

මේ චෝදනා පදනම් විරහිතයි කියන එක අපිට පොදුවේ කියන්න පුළුවන්. පරස්පරයන් සහ ඒ කරපු දේවල් සම්බන්ධව සවිස්තරාත්මකව කරුණු ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස