අවුන් සාන් සූ කී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගත් මියන්මාර හමුදාව රටේ පාලනය සියතට ගෙන තිබේ.
හමුදා නායකත්වය රූපවාහිනිය ඔස්සේ රට තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බව ද වාර්තාවේ.
හමුදාව අද (01) දින නිකුත් කළ නිවේදනයකට අනුව මියන්මාර හමුදාපති මින් අන්ග් හ්ලෙයින්ග් යටතේ පාලනය වනු ඇත. මියන්මාරයේ අගනුවර වන නේ පි ටෝ සහ යැන්ගොන් ප්‍රධාන නගරය තුළ හමුදා භට කාණ්ඩ ගමන් කරන අයුරු මේ වන විට දැක ගත හැකිය.
ඉකුත් නොවැම්බර් මස පැවැත්වූ මියන්මාර මැතිවරණයෙන් අවුන් සාන් සූ කී ප්රමුඛ නැෂනල් ලීග් ෆෝ ඩිමොක්රසි පක්ෂය 83%කින් ජයග්‍රහණය කර තිබිණි. එහෙත් මියන්මාර හමුදාව මෙම මැතිවරණ ජයග්‍රහණය වංචනික අන්දමින් ලබා ගන්නා ලද්දක් බවට තර්ක කර තිබිණි.
එහෙත් එම මැතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක්කරමින් එ රට හමුදාව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරමින් අවධාරණය කරනු ලැබුවේ වංචනික අන්දමින් මැතිවරණය ජයග්‍රහණය කළ බවය.
අවුන් සාන් සූ කී මහත්මිය මියන්මාරයේ ප්රජාතන්ත්රවාදයේ හා මානව හිමිකම් පිළිබඳ වීරවරියක් ලෙස සැලකුණු චරිතයකි. තම නිදහස පවා අහිමි කර ගනිමින් මියන්මාරයේ පැවති රෞද්‍ර හමුදා පාලනයට එරෙහිව සටන් වැදුනු කාන්තාවකි.