වැඩහිටි කන්දට මැර කල්ලියක් පනී….! විහාරාධිපති හිමි ඝාතන තැතකින් ගැළවෙයි….!

January 26, 2021 at 10:46 am | by emanisa.lk

මැර කණ්ඩායමක් ඊයේ (25) සවස වැඩසිටි කන්දට පැමිණ තමන් ඝාතනය කර වැඩසිටි කන්ද බලහත්කාරයෙන් අල්ලා ගැනීමට තැත්කළ බව වැඩසිටි කන්ද විහාරාධිපති ශාස්ත‍්‍රපති හීල්ලේ ඤාණානන්ද නාහිමියෝ පවසති.

තමා මේ ගැන දුරකථනයෙන් පොලිසියට පැමිණිලි කළ පසු පොලිසියෙන් පැමිණි බවත් එම මැර පිරිස වාහනවලින් පලා යෑමට උත්සාහ කරද්දී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවද උන්වහන්සේ සඳහන් කළහ.

මේ සිද්ධිය වූයේ ඊයේ සවස 3.45 – 4.00 ට පමණ බව ද ඔවුන් සතුව අවි ආයුධ තිබූ බවද ඥානානන්ද හිමියෝ ප‍්‍රකාශ කළහ.

පන්සලේ සිටින ලියන මහතාට සහ ආරක්‍ෂාවට සිටි රාලහාමිට ද මේ මැර පිරිස පහර දී ඇති බව උන්වහන්සේ සඳහන් කළහ.

මේ අය උත්සාහ කළේ මැර බලයෙන් වැඩහිටි කන්ද බලහත්කාරයෙන් මේ අයගේ ග‍්‍රහණයට ගැනීමට බවද එම පිරිස සමග භික්ෂූන් වහන්සේලා පිරිසක් ද පැමිණි බව ද වැඩහිටි කන්ද විහාරාධිපති නාහිමියෝ තවදුරටත් පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *