බලහත්කාරයෙන් ආදාහනය නතර කරනු…! නැතහොත් සම්බාධක….? – එක්සත් ජාතීන්….

January 26, 2021 at 8:03 am | by emanisa.lk

කොරෝනා මෘතදේහ බලහත්කාරයෙන් භූමදානය කිරීමේ ප්‍රතිපත්තිය නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී රජයෙන් ඉල්ලා තිබේ.

මෘතදේහ භූමදානය කොරෝනා රෝග ව්‍යාප්තිය ඉහළ යාමට බලපාන බවට කිසිදු පිළිගත හැකි වෛද්‍ය විද්‍යාත්මක සාධකයක් නොමැති බව එක්සත් ජාතීන්ගේ සිව් පුද්ගල විශේෂඥ කමිටුව පෙන්වා දෙයි.

එය මුස්ලිම්වරුන්ගේ සහ රටේ වෙනත් සුළු ආගමිකයන්ගේ ඇදහිල්ලට හරස්ව යන බවත්, දැනටමත් පවත්නා අගතීන්, නොරුස්නා කම් සහ ප්‍රචණ්ඩතා තවත් පැසවන්නට මග පෑදිය හැකි බවටත් ඔවුහු අනතුරු අඟවති.

වසංගත තත්ත්වය බරපතළ වුව ද එහි දී ගනු ලබන පියවර මළගියවුන්ට, ඔවුන්ගේ සංස්කෘතික හා ආගමික සම්ප්‍රදායට සහ ඥාතීන්ට ගෞරවයක් වන පරිද්දෙන් සිදුකළ යුතු බව විශේෂඥ මණ්ඩලය අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *