ලංකා ආර්ථිකය ආයෝජකයින්ගේ විශ්වාසය කරගනී…! සියලු කොටස් මිල දර්ශකය ඒකක 8000 ඉක්මවයි….! පිරිවැටුම රු. බිලියන 14.20යි…!

January 21, 2021 at 8:12 pm | by emanisa.lk

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ පළමු වරට දිනක් ඇතුළත ඒකක 8,000 සීමාව ඉක්මවා සටහන් වී තිබේ.

මීට පෙර අවස්ථා කිහිපයක දී ගනුදෙනු අතරවාරයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,000 සීමාව ඉක්මවා ගිය ද දිනයක ගනුදෙනු අවසානයේ දී එය ඒකක 8,000 සීමාව ඉක්මවා සටහන් වූ පළමු අවස්ථාව මෙය වේ.

මෙහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,131.25 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 246.80ක හෙවත් 3.13% ක වර්ධනයකි.

දිනය තුළ රුපියල් බිලියන 14.20ක පිරිවැටුමක් වාර්තා වූ අතර එය මෙම වසරේ තනි දිනක් තුළ වාර්තා වූ වැඩි ම දෛනික පිරිවැටුම වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *