දස මසකට පසු සංචාරකයින්ට රට නැවත විවෘත වෙයි….! සංචාරකයින් රැගත් පළමු යානය හිමිදිරියේ ම කටුනායකට…!

January 21, 2021 at 9:00 am | by emanisa.lk

සංචාරකයන්ට අද (21) පටන් රට විවෘත වීමත් සමග පළමු සංචාරක පිරිස රැගත් QR 668 ගුවන් යානය කටාර් රාජ්‍යයේ සිට අද අලුයම 2.15ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා විය.

මෙලෙස ගුවන් තොටුපළ මෙලෙස විවෘත වුණේ මාස දහයකට පසුවය.

සංචාරක ගුවන් මගීන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ www.srilanka.travel යන වෙබ් අඩවියට පිවිස ශ්‍රී ලකා සංචාරක මණ්ඩලයේ අනුමත එහි ලියාපදිංචි වී ඇති හෝටල් 53න් එකක් තෝරා ගත යුතුව ඇත. ඉන්පසුව ඇමෙරිකානු ඩොලර් 40ක මුදලක් තැන්පත් කර ශ්‍රී ලංකාවේ දී පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීම සඳහා රිසිට් පතක් ලබා ගත යුතුවෙයි.

මෙම සංචාරකයින් ශ්‍රී ලංකාවේ දින 01–06 අතර කාලය ගත කරන්නේ නම් එක් පී.සී.ආර් පරීක්ෂණයක් ද දින 07කට වඩා වැඩි කාලයක් රැඳී සිටින්​නේ නම් තවත් පී.සී.ආර්. පරීක්ෂණයක් ද කළ යුතු ය. මෙ රට සිදු කරනු ලබන එක් පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා ඔවුනගෙන් ඇමරිකානු ඩොලර් 40ක මුදලක් අය කරනු ලැබේ.

ඊට අමතරව ඇමෙරිකානු ඩොලර් 12ක් වැය කර සංචාරකයන් කොවිඩ් රක්ෂණ ආවරණයක් ද ලබාගත යුතු ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස