මුස්ලිම් තරුණයෙක් පල්ලිය තුළ ගිනි තබා ගෙන දැවී යයි…..!

January 21, 2021 at 8:31 am | by emanisa.lk

පුත්තලම ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතික තරුණයකු ඊයේ (20) දහවල් පුත්තලම රත්මල්යාය ප‍්‍රදේශයේ පිහිටි ඉස්ලාම් පල්ලියක් තුළට ගොස් සිරුරට ගිනි තබාගෙන සිය දිවි නසාගෙන තිබේ.

මෙසේ ගිනි තබාගෙන සිය දිවි නසාගෙන ඇත්තේ නෞෂාඩ් මන්හාඩ් නමැති 26 හැවිරිදි තරුණයෙකි. ගිනි තබා ගැනීමෙන් ඔහුගේ සිරුර හඳුනාගත නොහැකි තරමට දරුණු ලෙස පිළිස්සීමට ලක්ව ඇති අතර ඔහු පල්ලිය තුළදීම මරණයට පත්ව ඇත.

මෙම තරුණයා මෙසේ දිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

මියගිය තරුණයාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (21) සිදු කිරීමට නියමිතව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *