ගම්පහ මහා මංකොල්ලයක්….! ඕරියන්ට් ෆිනෑන්ස් කෝටි 04ක් පැහැර ගනී…!

January 16, 2021 at 10:54 am | by emanisa.lk

ගම්පහ නගරයේ ඕරියන්ට් ෆිනෑන්ස් මූල්‍ය ආයතනයට ඊයේ (15) සවස ගිනි අවි රැගෙන කඩාවැදුණු කොල්ලකරුවන් දෙදෙනෙකු රුපියල් කෝටි 4 කට ආසන්න වටිනා මුදල් හා රන් භාණ්ඩ තොගයක් කොල්ලකා පළා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

කොල්ල කරුවන් දෙදෙනා මුහුණ වැසෙන සේ ආරක්ෂක හිස් වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඔහු අනාවරණය කළේ ය.

කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 5ක් යොදවා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස