විනිශ්චයකාරවරුන්, මැති ඇමැතිවරුන් හා හිටපු ඇමැතිවරුන්ගේ ආරක්ෂාවට පමණක් යොදවා සිටින පොලිසියේ හතළිස් හතරදහසක් යළි පොලිස් සේවයට ගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර පවසයි.
පොලිස් දෙපාර්තමේන්තුව සතු අසූදහසක නිලධාරීන් පිරිස අතරින් සාමාන්‍ය රාජකාරියේ යොදවා සිටින්නේ තිස්හයදහසක් පමණ බව අමාත්‍යවරයා අනාවරණය කරයි.
මෙම තත්ත්වය මත පොලිසිවල රාජකාරි මෙන්ම රථ වාහන රාජකාරි කරගෙන යෑම පවා අසීරු වී ඇතැයි ද ඔහු අවධාරණය කරයි.
මෙසේ වෙනත් සේවාවලට යෙදවූ පිරිස් යළි පොලිස් සේවයට කැඳවා ඒ වෙනුවට සිවිල් ආරක්ෂක බළකායේ පුහුණුව ලත් කණ්ඩායම් එම ස්ථානවලට යෙදවීමට සාකච්ඡා කරගෙන යන බව මහජන ආරක්ෂක ඇමැතිවරයා සඳහන් කරයි.
සරත් වීරසේකර මහතා යුද්ධය පැවැති සමයේ දී සිවිල් ආරක්ෂක සේවාවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරණු ලැබිණි. ඔහු මේ බව පවසා ඇත්තේ සති අන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.