මානව හිමිකම් උල්ලංඝනය කළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතුයි..! – යහපාලන මානව හිමිකම් කොම්සම් සාමාජික….

January 1, 2021 at 10:57 am | by emanisa.lk

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කළ යුතු බව යහපාලන රජයේ මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජිකා අම්බිකා සකුනාදන් ප‍්‍රකාශ කර ඇත.

ඇය සිදු කළ මෙම බරපතළ ප‍්‍රකාශය ගැන රජය විමර්ශනයක් දියත් කර තිබේ.

එසේ ම රජය පත් කළ නව මානව හිමිකම් කොමිසම ස්වාධීන නැතැයි අම්බිකා චෝදනා කර තිබේ.

අම්බිතා ඇතුළු යහපාලන මානව හිමිකම් කවුන්සිලය හිටපු ජනපති මෛත‍්‍රිපාල සිරිසේනට හොරෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සාවද්‍ය වාර්තා 300 ක් යවා තිබිණි.

එම වාර්තාවලින් යුද හමුදාවට එරෙහිව චෝදනා තිබූ බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය. මානව හිමිකම් කොමිසම ජිනීවා වෙත යවා තිබූ එම වාර්තා ගැන ද පරීක්‍ෂණ කරන බව එම ආරංචි මාර්ග තහවුරු කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *