යුක්‍රේන සංචාරකයින් ගෙන ඒම ජාවාරමක්..! ඔවුන්ගේ මුදල් ගසා කන්න හදන්නේ..! – අනුර දිසානායක…

January 1, 2021 at 8:06 am | by emanisa.lk

සංචාරක ප්‍රවර්ධනයට මුවා වී යුක්‍රේන සංචාරකයින් ගෙන ඒම පිටුපස විශාල ජාවාරමක් ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

කොරෝනා අර්බුදය නිසා බොහෝ රටවල් සිය ගුවන්තොටුපළ වසා දමා ඇති පසුබිමක ශ්‍රී ලංකාව ගුවන්තොටුපළ විවෘත කිරීම බරපතළ කාරණාවක් බව ඔහු පෙන්වා දෙයි.

මෙහි ඉලක්කය විදෙස්ගත ලාංකිකයින් වෙනුවට උදයංග වීරතුංග මාර්ගයෙන් සංචාරක ජාවාරමක් සිදුකිරීම බව ද ජවිපෙ නායකයා පෙන්වා දෙයි.

මෙම සංචාරකයින් ප්‍රවාහනය මෙන් ම ලැඟුම් ගන්නේ ද ආණ්ඩුව තෝරාගත් ප්‍රවාහන සේවා සහ හොටෙල්වල පමණක් බවට ද ඔහු චෝදනා කරයි.

එම සංචාරක පිරිස අතරින් හය දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගත්ත ද ඔවුන් පිළිගැනීමට ගිය උදයංග වීරතුංග නිරෝධායනයට ලක්කර නොමැති බව ද අනුර දිසානායක අනාවරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *