හලාවත–මුන්නේෂ්වරමේ පිහිටි සොහොන් කාලි දේවාලයේ තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා පස් ලෝ දේව ප්රතිමාවක් සොරාගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.
පසුගිය 29 වැනිදා අලුයම 1.30ට පමණ මෙම සොරකම සිදු කර ඇති බව දේවාලයේ භාරකරුවන් විසින් පොලිසියට පැමිණිලි කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත පොලිසිය පවසයි.
දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයක් අතර මත ගැටුමක් නිසා ඊට අදාළ නඩුව හලාවත මහෙස්ත්රාත් අධිකරණයේදී අද (31) විභාග කිරීමට නියමිත ය.
එක් පාර්ශ්වයකට දේවාල භූමියට ඇතුළු වීමට ද තහනම් කර ඇති බව පොලිසිය පවසයි. දේවාල භූමියේ ඉදිකර ඇති දේව මණ්ඩපය තුළ තැන්පත් කර තිබී ඇති බව ද පැමිණිල්ලේ සඳහන් ය. මෙම දේවාලයේ තැන්පත් කර තිබූ දේව ප්රතිමාවක් මීට පෙර ද කිසියම් අයෙකු විසින් සොරකම් කරගෙන ගොස් තිබිණි.