මහාචාර්ය මෙත්තිකා විතානගේ උග්‍ර ජාතිවාදියෙක්! ලොවේම නැති නීතියක් අටවා පවිත්‍රා විශාල වරදක් කළා! – නාගානන්ද

December 26, 2020 at 9:48 pm | by emanisa.lk

කොරෝනා මෘතදේහ භූමදානයට එරෙහිව හඬ නඟන මහාචාර්ය මෙත්තිකා විතානගේ අනෙකාගේ සංස්කෘතික උරුමය ගරු නොකර අනෙකා රිදවා ආශ්වාදයක් ලබන ජාතිවාදිනියක බව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු පවසයි.

නාගානන්ද ඒ පිළිබඳ තබා ඇති සම්පූර්ණ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.

“අදාළ විෂයය සම්බන්ධව විශේෂඥවරියක් ලෙස තමන් හඳුන්වා ගනු ලබන මෙම කාන්තාවගේ (මහාචාර්ය මෙත්තිකා විතානගේ) හැසිරීමෙන් සහ ඇගේ වාග් විලාසයෙන් ඇය පැහැදිලිවම ජාතිවාදියකු බව හහවුරු කරයි.

මේ රටේ සියලු ජනවර්ග ජාතිවාදී වේ. සත්‍ය එයයි. එකෙක් අනෙකාගේ සංස්කෘතික උරුමය ගරු නොකරයි. එකෙක් රිදවා අනෙකා කුරුරු ආශ්වාදයක් ලබයි. මේ කථා කරන කාන්තාව ද ලබන්නේ එම අශ්වාදයයි.

මෙම ප්‍රශ්නයේදී නිර්භයව ඉදිරියට පැමිණ තම මතය ප්‍රකාශ කරන්න වඩාත් සුදුසු විද්‍යාඥයින් රැසක් ඇත. ඉන් එක අයකුට නාගානන්ද ඊයේ උදේ කථා කළ විට ඔහු මෙම කාන්තාවගේ මතය එක හෙළා ප්‍රතික්ෂේප කළේය.
නමුත් තම ජාතියේ මිනිසුන් තමන්ට එරෙහිව නැගී සිටිනු ඇතැයි යන බිය නිසා ඔවුන් ඉදිරියට පැමිණ අදහස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරයි. මෙය මහත් ඛේදවාචකයකි.

ලොව කිසිම රටක නැති නීතියක් මෙහි හඳුන්වා දෙමින් සෞඛ්‍ය ඇමැති පවිත්‍රා කර ඇත්තේ අතිශයින්ම අපවිත්‍ර වැඩක් බව කිව යුතුය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *