මෙ වර ප්‍රධාන නත්තල් දේව මෙහෙය ඊයේ රාත්‍රී (24) පැවතියේ කඳාන ශුද්ධ වූ සෙබස්තියන් දේවස්ථානයේ දී ය.
ඒ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙනි.
මේ අවස්ථාව සඳහා කාදිනල් හිමි පැළඳී ලෝගුව දේශීය අත්යන්ත්‍ර රෙදිවලින් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
එම දේව මෙහෙයට සහභාගී වූ සෙසු පියතුමන්ලා කන්‍යා සොහොයුරියන් මෙන් ම ගීතිකා කණ්ඩායම් ද දේශීයත්වය ඔප නැංවෙන අයුරින් දේශීය අත්යන්ත්‍ර රෙදිපිළියෙන් නිර්මිත ඇඳුමින් සැරසී සිටනු දක්නට ලැබිණි.