වැලිසරින් පළාගිය ආසාදිතයා මරදානෙන් අල්ලයි!

December 16, 2020 at 6:11 pm | by emanisa.lk

වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී  පලාගිය 43 හැවිරිදි  කොරෝනා ආසාදිත ක්ෂය රෝගියා  මරදාන මොහිදීන් මස්ජිඩ් පාරේ  නිවසක  සිටිය දී සොයා ගැනීමට හැකි වූ බව මහබාගේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කහඳවල පවසයි.

මරදාන ප්‍රදේශයේ  ලිපින තුනක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා සිටින ස්ථානය සොයා ගත් බවත් සෞඛ්‍ය ආරක්ෂිත ව පොලිස් භාරයට ගත් එම පුද්ගලයා නැවත ළය  රෝහල කරා යොමු කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *