ප්‍රතිකාර ලැබූ රෝහලේ ඉලෙක්ට්‍රික් බඩු ටිකත් උස්සලා! සුවය ලැබූ ආසාදිතයන් පිරිසක් අත්අඩංගුවට!

December 14, 2020 at 8:18 am | by emanisa.lk

වාලච්චේන පුනානි කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා සුවය ලැබූ ආසාදිතයන් සිව් දෙනෙකු වාලච්චේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉලෙක්ට්‍රොනික උපාංග තොගයක් සොරකම් කිරීම ඊට හේතුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

“වාලච්චේන පුනානි කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ මෙම කොවිඩ් රෝගීන් සිව්දෙනා පසුගිය 12 වනදා ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව නිදහස් කිරීමට නියමිතව තිබුණා.

නමුත් එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරයා පවසා තිබුණා, මෙම රෝගීන් හතරදෙනා විසින් එම මධ්‍යස්ථානයේ ඉලෙක්ට්‍රොනික උපකරණ සහ වෙනත් ආකාරයේ උපකරණ තොගයක් සොරකම් කරඇති බව.
එම සොරකමට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනුණා. පසුව ඔවුන් වාලච්චේන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මෙම පුද්ගලයින්ගෙන් තිදෙනෙකු කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් පුද්ගලයා මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *