මේ රටේ ආයෝජනයට විදෙස් ව්‍යාපාරිකයෝ එනවා නම් උන්ට පිස්සු! – සමගි බලෙන් ජාත්‍යන්තරයට පණිවිඩයක්…

December 11, 2020 at 10:39 pm | by emanisa.lk

ආණ්ඩුව විදෙස් ණය නොගන්නා බවත් විදෙස් ආයෝජන පමණක් ලබා ගන්නා බවත් පවසන්නේ යැයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසයි.

අන්තර්ජාතික ආයතන මගින් ලංකාවේ ණය ගෙවීමේ හැකියාව අඩු වී ඇතැයි ණය වාර්ගිකරණවල පහතට දමන පසුබිමක මෙ රටට එන විදෙස් ආයෝජකයන් ඔළුවේ අමාරුකාරයන් විය යුතු යැයි මන්ත්‍රීවරයා පවසයි.

ඉදිරියේ දී ලංකාවේ ආයෝජනය කරනු ඇත්තේ ඉතියෝපියාව, ඇංගෝලාව වැනි රටවල අය බවත් සාමාන්‍ය ව්‍යාපාරයක් කරන කිසිවෙකු ආයෝජනය සඳහා මේ රටට නො පැමිණෙනු ඇතැයි ද ඔහු අවධාරණය කළේ ය.

පසුගියදා අයවැය විවාදයට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස