මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම වැරදියි! ජනපති ලේකම්ට එහෙම කරන්න අයිතියක් නෑ! – වාසුදේව අගමැතිට ලිඛිතව දන්වයි..

December 7, 2020 at 11:04 am | by emanisa.lk

මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට තමන් විරුද්ධ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යවමින් පවසා ඇතැයි වාර්තා වේ.

ඇමැති වාසුදේව නානායක්කාර විසින් අගමැති මහින්ද රාජපක්ෂ වෙත අවධාරණය කර ඇත්තේ මහජන උපයෝගීතා කොමිසම පවතින්නේ අග්‍රාමාත්‍යවරයා යටතේ බැවින් ඒ සම්බන්ධයෙන් තීන්දු ගත යුත්තේ ද අගමැතිවරයා විසින් බවත් ජනාධිපති කාර්යාලයට කොමිසම සම්බන්ධයෙන් තීන්දු ගත නොහැකි බවත් ය.

එහි දී ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හේතුවෙන් ජනතාවගේ දැඩි විරෝධය ආණ්ඩුවට එල්ලවිය හැකි බවයි.

මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන ලෙස ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර විසින් මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත පසුගිය දා ලිපියක් යොමු කරමින් උපදෙස් දී තිබුණේ එහි සේවකයන් වෙනත් ආයතනවලට අනුයුක්ත කරන ලෙස ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *