ෂැෂේ පැකට් තහනම කල්දාන්න ඇමැතිට ලක්ෂ 250ක අල්ලසක්!

December 6, 2020 at 7:12 am | by emanisa.lk

ෂැම්පෝ, ජේල් අඩංගු ෂැෂේ පැකට් තහනම සඳහා මාස හයක සහන කාලයක් ලබා දෙන්නේ නම් රුපියල් මිලියන 25ක් හෝ ඊට වැඩි මුදලක් ලබාදීමට සූදානම් බවට එක්තරා පෞද්ගලික සමාගමක් පරිසර ඇමැතිවරයාට දැනුම් දී ඇතැයි අනාවරණය වේ.

ෂැම්පෝ, ජෙල් සහ හිසේ ගල්වන ඩයි ආදිය අඩංගු ෂැෂේ ඇසුරුම් නිෂ්පාදනය, අලෙවිය ලබන වසරේ (2021) ජනවාරි පළමුවැනිදා සිට තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

මෙම තහනමට පෙර සහන කාලයක් ලබාදෙන ලෙස බොහෝ පෞද්ගලික සමාගම් පරිසර ඇමැති මහින්ද අමරවීරගෙන් ඉල්ලීම් කළේය.

මෙහි දී පරිසර ඇමැති මහින්ද අමරවීර පවසා ඇත්තේ රුපියල් බිලියන 25ක් දුන්නත්, රජය ගත් තීරණයේ වෙනසක් සිදු නොකරන බවය.

ෂැෂේ පැකට් භාවිතය තහනම් කිරීමට තීරණය කළේ ෂැම්පු, ජෙල් භාවිතය නතර කිරීමට නොව, ඒවා බහාලන ෂැෂේ ඇසුරුම් නිසා පරිසරයට සිදුවන හානිය නතර කිරීමට බවද පරිසර ඇමැතිවරයා පවසයි.

ලබන වසර (2021) මැදදී ඖෂධ, ආහාර ද්‍රව්‍ය, කිරිපිටි ඇසුරුම් කරන ෂැෂේ පැකට් තහනම් කිරීමට ද පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

Aruna

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස