ශ්‍රීලනිපය අභයාරාමයට කැඳවයි! ද්විත්ව පුරවැසි සංශෝධනය පරදන්නැයි දන්වයි!

October 21, 2020 at 3:39 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් පිරිසක් නාරාහෙන්පිට අභයාරාමයේදී 20 වෙනි සංශෝධනය ගැන සාකච්ඡාවක් පවත්වා තිබේ.

එම සාකච්ඡාව කැඳවා තිබුණේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු හිමිවරුන් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙනි.

ඔවුන් එහි දී ඉල්ලා ඇත්තේ 20 වෙනි සංශෝධනයට පක්ෂ වුවද ද්විත්ව පුරවැසියන් සම්බන්ධ වගන්තිය සංශෝධනය කළ යුතු බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන්ද මාධ්‍ය අමතමින් කියා සිටියේ විසි වෙනි සංශෝධනය සහයෝගය ලබා දෙන නමුත් එහි සංශෝධන සිදු විය යුතු බවයි. මේ ගැන ආණ්ඩුවේ ප්‍රධානීන් සමග සාකච්ඡා කරන බවද ඔවුහු කියා සිටියහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩු පක්ෂයේ ආසන 14ක් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *