ඇමතිවරුන්ට වැඩ පෙන්නන්න මාස හයක්! ප්‍රගතියක් නැත්නම් එළියේ…..

August 15, 2020 at 3:27 pm | by emanisa.lk

නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ පළමු මාස 06 තුළ ලබා ගන්නා ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.

ඒ අනුව මාස හයකට පසු සියලු අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ වාර්තාවක් කැඳවෙනු ඇත.

‍එම මාස 06 ඇතුළතදී ඒ ඒ අමාත්‍යවරුන් රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී ඇති දායකත්වය, ලබාදුන් ඉලක්ක සපුරාලීම, ඒ ඒ අමාත්‍යංශ ලබාගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කෙරෙයි.

එහිදී යම් අමාත්‍යවරයෙකු ර‍ජයේ සහ ඒ ඒ අමාත්‍යංශයේ ඉලක්ක සපුරාලීමට අසමත් වී තිබේ නම් ඔවුන් වහාම අමාත්‍ය තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස