ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගමැති අපේක්ෂක මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මනාප 527,364 ලබමින් වාර්තාගත ජයග්‍රහණයක් ලබා තිබේ.
මෙයට පෙර එම වැඩිම මනාප වාර්තාවට හිමිකම් කීවේ හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහය. ඔහු 2015 අගමැති අපේක්ෂකයා ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරමින් මනාප 500,566 ලබා ගත්තේය.
සමස්ත ජනගහනය 1,610,299 වන කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කර සමස්ත ජනගහනය 2,309,809 වන කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කර තැබූ වාර්තාවක් බිඳ දැමීම ද විශේෂත්වයකි.