හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සිරගත කිරීම ප්රජාතන්ත්රවාදයට එරෙහි වැඩපිළිවෙළක් බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.
ඔහුගේ නිදහස ලබා ගැනීම උදෙසා සියලු දෙනා සමග එකතු වී කටයුතු කරන බව ද හෙතෙම අවධාරණය කළේය.
විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක දී හෙතෙම මෙම අදහස් දැක්වීය.