පොලිසියේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ විසින් පැහැර ගෙන ගොස් මරා පුළුස්සා දැමූ බව කියන ව්‍යාපාරිකයන් දෙදෙනාගේ සිරුරුවල කොටස් වලදමා ඇතැයි පැවසෙන වලස්මුල්ල පොලිස් වසමේ මැදගංගොඩ උඩදෙණිය රක්ෂිතයේ අදාල ස්ථානයට අද (22) දහවල් වනවිට පොලිස් නිලධාරීන් පැමිණ ආරක්ෂාව සැපයා තිබුණි.
වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට පැමිණ පැමිණීමට නියමිත අතර මහේස්ත්‍රාත්වරයා පැමිණීමෙන් පසු මළ සිරුරු කොටස් ගොඩ ගැනීමට නියමිත බව වාර්තා වෙයි. මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා 9 දෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් විසින් පැහැර ගත්තේ පසුගිය ජනවාරි 23 වන දිනය.