සහරාන්ගේ සොහොයුරාට රහසේ ප්‍රතිකාර කළ වෛද්‍යවරයා අදත් නිදැල්ලේ! ගෝතමි පාරේ පෞද්ගලික රෝහල අදත් ක්‍රියාත්මකයි! (video)

July 31, 2019 at 10:30 am | by emanisa.lk

පාස්කු බෝම්බ ප්‍රහාරයට පෙර බෝම්බයක් අත්හදා බලමින් සිටිය දී තුවාල ලැබූ සහරාන් හෂීම්ගේ සොහොයුරු රිල්වාන්ට ප්‍රතිකාර කළ කොළඹ පෞද්ගලික රෝහලට හෝ එය අයත් වෛද්‍යවරයාට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නැතැයි පාහියන්ගල ආනන්දසාගර හිමි පවසයි.

රජයේ රෝහලකට රිල්වාන් ප්‍රතිකාර සඳහා රැගෙන ගියේ නම් අදාළ සිද්ධිය හෙළිදරව් වන නිසා කොළඹ ගෝතමී පාරේ මහාචාර්ය රිස්වි ශෙරීෆ්ට අයත් පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ප්‍රතිකාර කළ බව පැවසූ ආනන්දසාගර හිමි රෝහල අදාළ සිද්ධිය ආරක්ෂක අංශ වෙත දැනුම් දුන්නේ නම් පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවන බව සඳහන් කළේය.

එහෙත් අදාළ රෝහල මෙම සිද්ධිය සැඟවීමට කටයුතු කළ බවත් ඊට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් එහිමියන් සඳහන් කරයි.

ඊළඟ ප්‍රහාරයට සූදානමින් සිටිය දී ආරක්ෂක අංශ වටලද්දී කල්මුණේ සයින්දමරදු නිවසේ දී බෝම්බ පුපුරාගෙන මිය ගිය පිරිස අතර රිල්වාන්ද සිටියේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස