දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර සහ මහසෝන් බලකායේ ප්රධානි අමිත් වීරසිංහ පසුගිය දිනවල ප්රදේශ කිහිපයක ඇති වූ ගැටුම්වලට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අමිත් වීරසිංහ පසුගිය මාර්තු මස ද මහනුවර සහ දිගන ඇති වූ ගැටුම්වලට සැකපිට අත්අඩංගුවට ගෙන මාස 7කට පමණ පසු ඇප ලබා ගත්තෙය.
ජනපති ඝාතන කුමන්ත්රණයක් හෙළි කළ නාමල් කුමාරට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබිණි. ඒ අනුව පසුගිය වසරේ මාර්තු මස සිට පොලිස් වශේෂ කාර්ය බලකා සෙබළුන් තිදෙනෙකු ඔහුගේ ආරක්ෂාවට යොදවා තිබිණි.