56, 70 වගේ ම වර්තමාන ආණ්ඩුවත් වනසන්න අභ්‍යන්තර කුමන්ත්‍රණයක්….! – රාජ්‍ය ඇමැති හෙළිකරයි…

June 22, 2021 at 9:28 am | by emanisa.lk

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට කෙනෙහිළිකම්වලට එහා ගිය දේශපාලන ප්‍රශ්නයක් ආණ්ඩුව තුළ ඇති වෙමින් තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර පවසයි.

56 බලයට පැමිණි දේශප්‍රේමී ගමන නවතා දැමුවේ බණ්ඩාරනායක ඝාතනය කිරීමෙන් බවත් 70 බලයට පැමිණි සිරිමා මැතිනිය ප්‍රමුඛ සමඟි පෙරමුණු ආණ්ඩුව විසින් මුල පුරා තිබුණු ජාතික ආර්ථික ගමන වළැක් වූයේ ආචාර්ය එන්.එම්.පෙරේරා ඇතුළු වමේ පක්ෂ ආණ්ඩුවෙන් එලවා දැමීමෙන් බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

මේ නැවත වරක් වත්මන් ආණ්ඩුව තුළ සිදුවෙමින් තිබෙන්නේ එවැනි තත්ත්වයක් බවත් එය 56 සිදුවීම හෝ 70වේ සිදුවීම මෙන් විය හැකි බවත් හෙතෙම අවධාරණය කරයි.

ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකත්වය නොදී සිටීමේ කුමන්ත්‍රණකාරී බලවේග පරාජය කිරීමට පෙරමුණ ගත් නායකයින් දෙදෙනෙකු වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැනි අයට ප්‍රහාර එල්ල කිරීම බරපතළ කාරණයක් බව ද ඔහු කියා සිටියි.

ඒ අනුව මේ වනවිට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට බරපතල පිඩාවක් ඇති වෙමින් තිබෙන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

ඊයේ (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *