ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) අලුයම මාලිදිවයින බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වෙයි.
ජනාධිපතිවරයා සිය බිරිඳ සමග මාලේ නුවර බලා ගොස් ඇත්තේ හමුදා ජෙට් යානයකිනි.
ඔහු රටින් නික්ම යාමට පෙර සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා ඇති අතර කතානායකවරයා එය අද රටට දැනුම් දෙනු ඇති බවයි, පැවසෙන්නේ.