රනිල් බලයේ හිටියා නම් ජනගහනයෙන් 50%කට එන්නත් දීලා…! පිටරට යාළුවන්ට කියලා රටේ විදෙස් ණයත් කපලා දාලා…! – වජිර…

May 20, 2021 at 11:04 am | by emanisa.lk

ලොවම පිළිගත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බලයේ සිටියේ නම් අඩුම තරමින් මේ වන විට මෙරට ජනගහනයෙන් අඩකටවත් කොරෝනා එන්නත දීමට පියවර ගනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසයි.

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයට ම කොරෝනා එන්නත දීමට වැය වන්නේ ඇමරිකා ඩොලර් මිලියන දෙසීයක් පමණක් බව ද පෙන්වා දුන් වජිර අබෙිවර්ධන ලොව පුරා රටවල් සමග සමීප සබඳතා ගොඩ නඟා ගෙන සිටින පරිණත රාජතාන්ත්‍රිකයකු වූ රනිල් වික්‍රමසිංහට ඒ මුදල සොයා ගන්න කිසිදු අපහසුතාවක් නැතැයි ද කීවේය.

මීට අමතර ව ශ්‍රී ලංකා දැනට සිරවී සිටින රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගත් ණය පැරිස් ක්ලබ් සංවිධානය හරහා කපා ගැනීමේ හැකියාව ද රනිල් වික්‍රමසිංහ සතුව ඇතැයි ද වජිර අබේවර්ධන වැඩිදුරටත් පැවසීය.

පෞද්ගලික මට්ටමෙන් රජය ගෙන තිබෙන ණය ලන්ඩන් ක්ලබ් සංවිධානය හරහා සහන පිළිවෙතකට පරිවර්තනය කර ගැනීමට රනිල් වික්‍රමසිංහට ඒ අංශයේ ද සමීප සබඳතා ඇතැයි වජිර අබේවර්ධන හෙළි කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස