මනාපේ ඉල්ලා සල්ලි බෙදුවේ හිටපු ඇමති රාජිත? පොලිසිය දැක හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ මොහොමඩ් රූමි පළා යයි!

August 4, 2020 at 10:45 pm | by emanisa.lk

හිටපු අමාත්‍යවරයකුට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා මෝටර් රථයකින් පැමිණ මුදල් බෙදූ පුද්ගලයන් දෙදෙනෙකු බේරුවල මුල්ලියමලේ හන්දිය ප්‍රදේශයේ දී බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි.

ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේද රුපියල් 38,000 ක මුදලක් අත තිබූ බව පොලීසිය අනාවරණය කරයි.

පොලිසිය පැමිණීමත් සමගම එම ස්ථානයේ සිටි හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයෙකු වන මොහොමඩ් රූමි පළා ගොස් ඇති අතර පසුව අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ පැවැත් වූ සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාළ පුද්ගලයන් දෙදෙනාට ලක්ෂ විස්ස බැගින් ලබා දුන්නේ බවට චෝදනා ලැබ සිටින්නේ මොහුය.

මොහොමඩ් රූබි සෞඛ්‍ය අධ්‍යක්ෂ ලෙස සේවය කළේ මෙවර සමගි ජන බලවේගයෙන් තරඟ වදින හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යටතේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස