22 වැනි සංශෝධනයට හෙට නියත පරාජයක්…!

October 20, 2022 at 12:13 pm | by emanisa.lk

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම හෙට (21) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

ඡන්ද විමසීමේ දී එය අනිවාර්යයෙන්ම පරාජයට පත්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරය මෙම පනත් කෙටුම්පතට විරුද්ධ බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් දැනටමත් ප්‍රකාශ කර තිබේ.

එම තත්ත්වය යටතේ එය සම්මත කිරීම සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව පාර්ලිමේන්තුව තුළ කිසිසේත්ම ලබා ගැනීමේ හැකියාවක් නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *