21 වෙනි සංශෝධනේ පිටපත් තෙල් පෝලිම්වල බෙදන්නැයි ඉල්ලීමක්…!

May 31, 2022 at 1:56 pm | by emanisa.lk

විසි එක් වෙනි සංශෝධනයෙන් ජනතාවගේ බඩ කට පිරෙන්න නම් එම සංශෝධනයේ පිටපත් තෙල් පෝලිම්වල සිටින ජනතාව අතරේ බෙදා දෙන්නැයි තමා ඉල්ලීමක් කරන බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.

ජනාධිපතිවරයා කෙටිකාලීන ආණ්ඩුවක් පත් කළේ ජනතාවගේ බඩේ ප්‍රශ්නය විසඳීමට විනා ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට නොවන බව ද ඔහු සඳහන් කළේය.

ව්‍යවස්ථා සංශෝධනවලින් ජනතාවගේ බඩ කට නොපිරෙන බවත් ජනතාවගේ බඩේ ප්‍රශ්නය විසඳීමට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන්නැයි අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අද ප්‍රමුඛත්වය දී ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනයට බව ද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *