21 වන සංශෝධනය දිනවා රට කපුටු ග්‍රහණයෙන් මුදා ගන්නවා…! – ගම්මන්පිල….

May 31, 2022 at 9:13 am | by emanisa.lk

පාර්ලිමේන්තුවේ බලය මේ මොහොතේ කපුටා අතේ තිබෙන බව පිළිගන්නා නමුත් විසි එක්වැනි සංශෝධනය මගින් පාර්ලිමේන්තුවත් රටත් කපුටු ග්‍රහණයෙන් මුදවා ගන්නා බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

දැන් කළ යුත්තේ බලයේ සිටින්නේ කවුරු වුවත් ඒ අයට සහයෝගය ලබා දී පක්ෂ දේශපාලනය පසෙකින් තබා රට මේ වන විට වැටී ඇති නරා වළෙන් ගොඩගැනීම බව ඊයේ (30) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.

ගෝඨා ගෝ හෝම්, රනිල් ගෝ හෝම්, දෙසිය විසි පහ ගෝ හෝම්, යනුවෙන් පැවසීම පසෙකින් තබා රට ගොඩනැගීමට සියල්ලෝම පෙරට පැමිණිය යුතු බව මන්ත්‍රිවරයා පවසා සිටියේය.‍

ලබන මාසය වන විට මිනිස්සුන්ට බෙහෙත් නැතිව මිය යන පරිසරයක් සහ දරුවන්ට බෙහෙත් නැති රටක් ඇති වනු ඇතැයි ද හෙතෙම අනතුරු ඇඟවූයේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *