2048 ලංකාවට සංවර්ධිත රටක් වෙන්න බෑ…! එදාට ඩොලරය නම් රු. 1385ට නඟිනවා…! – හර්ෂ…

June 22, 2023 at 6:25 pm | by emanisa.lk

ජනාධිපති රනිල් විකමසිංහ පවසන පරිදි 2048 වසර වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමට නම් සෑම වසරක්ම සියයට 6.5 ක වර්ධන වේගයක් ළඟා කරගත යුතු බව සමගි ජන බලවේග මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

2048 වසර දක්වා ඇති අවුරුදු 26 ම 6.5%කින් වර්ධනය කළේ නැතිනම් ඒ ඉලක්කයට යාමට කිසිසේත් හැකියාවක් නැති බව ද හෙතෙම සඳහන් කළේය.

සංවර්ධන ඉලක්කය ළඟා කරගැනීමට නම් 2048 වසර වන විට ඩොලර් 13205 ක ඒක පුද්ගල ආදායමක් ලබාගන්න සිදුවෙන බව සඳහන් කළ හර්ෂ ද සිල්වා, මූල්‍ය අරමුදල කියා තිබෙන පරිදි 2026 වන විටත් ලංකාවෙි ආර්ථික වර්ධන වේගය වන්නේ සියයට තුනක් පමණක් බව ද කීය.

ඇස්තමේන්තුවලට අනුව ලංකාවෙි ජනගහන 2048 වසර වන විට මිලියන 23.06 පමණ වෙන අතර 2048දී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව1385 පමණ වෙන බව පැවසීය.

විවිධ තර්ක ගේන්න පුළුවන් නමුත් කවුරු හරි මේ ගාන හදන්න අවශ්‍ය බව ද ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ, ජනපති ජාතිය අමතා කළ ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයට සහභාගී වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *