භාණ්ඩ මිල හා වැට් බද්ද අඩු කරන්නයි ඉල්ලුවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන වැඩසටහනේ තවත් වසර තුනක් සිටිය යුතු බැවින් එම කාලයේදී එවැන්නක් සිදු කළ නොහැකි යැයි නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් පවසයි.
මුල්‍ය අරමුදල සමග වන වැඩසටහනෙන් 2028 වසරේ ඉවත් වීමට නියමිතව ඇති නමුත් 2027 වසර වන විට භාණ්ඩාගාරය පොහොසත් කර එම වැඩසටහනින් ඉවත් වන බව ද හෙතෙම පැවසුවේය.
එවිට වැට් බද්ද අඩු කළ හැකි බවත් ඔහු කියා සිටියේ ජන හමුවක් අමතමිනි.