2025 ජනාධිපතිවරණයට විපක්ෂයෙන් පොදු අපේක්ෂකයෙක්…!

January 29, 2021 at 11:32 am | by emanisa.lk

මී ළඟ ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂකයා ලෙස පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යැයි එම පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානාය පවසයි.

මේ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ පිරිස, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පොදු විපක්ෂයේ බලවේගයක් ඇති කර ගෙන ජනාධිපති පොදු අපේක්ෂකයා ඉදිරිපත් කළ යුතු යැයිද ඔහු ප්‍රකාශ කළේය.

එජාප ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වීම පිළිබඳ පැහැදිලි කිරීමට ඊයේ (28) මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *