2024 ලොව ‘හොඳට ම කළ මුදල් ඒකකය’ වූ රුපියල ජනවාරියේ නරකම මුදල් ඒකකය වෙයි…!

January 27, 2025 at 12:15 pm | by emanisa.lk

2025 ජනවාරි හතර වන සතියේ දත්ත අනුව ලෝකයේ නැගී එන ආර්ථිකයින් අතර නරකටම කරන මුදල් ඒකකය (the worst performing emerging market currency) ශ්‍රී ලංකාවේ රුපියල බව බ්ලූම්බර්ග් දත්ත පදනම් කර ගෙන The Morning පුවත්පත පවසයි.

2024 දී ඩොලරයට සාක්ෂව ඉහළ ම වර්ධනය ලැබූ ශ්‍රී ලංකා රුපියල 2025 ජනවාරි මස 1.72% ක් අවප්‍රමණය වී ඇත. ලංකාමේ මුදල් ඒකකයට පසුව ලොව නරකම වැටීම සහිත මුදල් ඒකක ලෙස ආර්ජන්ටිනා (1.46%) හා තුර්කි (0.89%) මුදල් ඒකක පත්ව තිබේ.

2024 දී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව 10.85% ක වර්ධනයක් ලබමින් නැඟී එන ආර්ථිකයන් අතර හොඳම මුදල් ඒකකය බවට පත් වූ අතර ඉහළ ගිය ඩොලරයේ වටිනාමක රු. 300 ට වඩා පහත වැටිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *