2014 ඉඳලා විදුලි බලාගාරයක් හදලා නෑ! විදුලිය කැපිල්ලට වගකියන්න ඕන හිටපු ඇමතිවරු!- ඇමති රවී

March 27, 2019 at 10:51 am | by admin

වර්තමාන විදුලි අර්බුදය පිළිබඳ 29 වෙනිදා පාර්ලිමේන්තුවට සම්පූර්ණ විස්තරයක් ලබාදෙන බව ද අප්‍රේල් 10 වෙනිදා වන විට පවතින විදුලි අර්බුදයට කල් පවතින ස්ථිරසාර විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍ය රවී කරුණානායක පවසයි.

2014 වසරේ සිට ජාතික විදුලි බල පද්ධතියට කිසිදු නව බලාගාරයක් එකතු නොවූ බව පවසන ඇමතිවරයා එහෙත් වාර්ෂිකව විදුලි ඉල්ලුම 7-8% බැගින් ඉහළ ගිය බවත් එහි ඉල්ලුමට සරිලන සැපයුමක් උත්පාදනය නොකර සිටීමේ පාප කර්මයට මේ වන විට තමන්ට මුහුණ දීමට සිදුව ඇතැයි ද ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.

වර්ෂාව නොමැති නිසා විදුලි අර්බුදයක් ඇති වී ඇතැයි ඇතැම් බලධාරීන් පවසන බව මාධ්‍ය විසින් පෙන්වා දුන් විට ඇමතිවරයා පැවසූයේ ඕනෑම අයකුට ඕනෑම දෙයක් කිව හැකි බවත් තමා මෙම ගැටලුව සඳහා විසඳුම් මාර්ගය පෙන්වා දෙන බවත්ය.

නව බලාගාර ඉදි නොකරන්නේ පෞද්ගලික අංශයෙන් වැඩි මිලට විදුලිය ගෙන කොමිස් ගැසීමට බවට ප්‍රබල චෝදනාවක් විදුලි බලධාරීන්ට කාලයක් තිස්සේ එල්ල වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස