13 බලාත්මක කිරීම ඊළාම් රාජ්‍යය ලබා දීමක්..! – ජගත් ඩයස්…

August 11, 2023 at 9:59 am | by emanisa.lk

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ පූර්ණ බලතල හිමිකර දීමට යත්න දැරීම වක්‍රාකාරයකින් ඊළම දීමක් බදු විය හැකි බවත් එය අප රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් මෙන්ම ජනතාව ද පවාදීමක් බවත් විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් සඳහන් කරයි.

විශ්‍රාමික ලුතිනන් ජෙනරාල්වරයා මේ බව කියා සිටියේ ඊයේ (10) ශ්‍රී ලාංකාව දෙකඩ කිරීමට එරෙහි සංධානය විසින් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම පිළිබඳව මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීම සඳහා තුම්මුල්ලේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැති මහජන විනිශ්චය සභාව අමතමිනි.

මේ වන විට හමුදා කඳවුරු ඉවත් කරමින් හමුදාව දියකරමින් ඓතිහාසික පුරාවිද්‍යා උරුමයන් විනාශ කරමින් සිටින බවත් ප්‍රකාශ කළ විශ්‍රාමික ලුතිනන් ජෙනරාල්වරයා, වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ ත්‍රස්තවාදයෙන් ලබා ගැනීමට නොහැකි වූ දෙමළ ඊළම 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම තුළින් ලබා දීමට ඉඩදිය නොහැකි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *