ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ සියලු ප්‍රශ්න අමතක කර 13 වන සංශෝධනය ඉදිරියට ගත්තේ කූඨ සැලසුමකට අනුව බව හිටපු රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.
ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ පළාත් පාලන මැතිවරණය සහ මහා මැතිවරණය නොපවත්වා ජනාධිපතිවරණයට යාමට බවට ද ඔහු චෝදනා කරයි.
එමගින් සිංහල ජනතාව මෙන් ම දෙමළ ජනතාව ද රැවටීමට ලක් කරන බවයි, චන්න ජයසුමන සඳහන් කළේ.