13ට එරෙහි වූ අම්පිටියේ සුමන හිමිට වෙඩි ප්‍රහාරයක්…!

February 13, 2023 at 12:06 pm | by emanisa.lk

මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන විහාරය යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන හිමියන්ට අද (13) අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

වෙඩි ප්‍රහාරයෙන් සුමන නාහිමියන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති අතර උන්වහන්සේ වැඩ සිටි කාමරයට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වි ඇත.

වෙඩි ප්‍රහාරය එල්ල වන විට එහිමියන් කාමරයේ වැඩ සිට ඇතැයි ද පොලිසිය කියයි. ප්‍රහාරයෙන් අනතුරුව තුවක්තුකරු පළා ගොස් ඇත.

13 වන සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව පසුගියදා පැවැති භික්ෂූ විරෝධතාව සඳහා ද සුමනරතන හිමි සහභාගී විය. උන් වහන්සේට දෙමළ මෙන් ම මුස්ලිම් අන්තවාදීන්ගෙන් ද තර්ජන එල්ල වී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *