10%කින් වැඩි කළ වැට් 03%කින් පහළට…!

March 23, 2024 at 2:16 pm | by emanisa.lk

දැනට ක්‍රියාත්මක 18% ක වැට් බදු අනුපාතය ලබන අප්‍රේල් මාසයේ සිට 3% කින් අඩු කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.

ජනතාවට සහන සැලසීමේ අරමුණින් ඉදිරි කාලයේ දී වැට් බදු අනුපාතය 15% මට්ටමේ පවත්වා ගැනීමට රජය තීරණය කර ඇතැයි වැඩි දුරටත් දැන ගන්නට තිබේ.

පසුගිය කාලයේ 08% ක්ව තිබූ වැට් බදු අනුපාතය 18% ක් දක්වා ඉහළ දැමුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය අනුවය.

එහෙත් එලෙස වැට් බදු අනුපාතය 3% කින් පහළ දමනු ලැබුවහොත් වාර්ෂික වැට් බදු ආදායම රුපියල් බිලියන 300 කින් පමණ පහත වැටෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *