ෆොන්සේකා වෙනුවෙන් ජීවිතාන්තය දක්වා හිරේ ගිය සුමන හිමිට ජනාධිපති සමාව….!

January 3, 2021 at 10:04 am | by emanisa.lk

2010 ජනාධිපතිවරණ සමයේදී ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූ පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිව තිබේ.

ඒ, දඩුවමට එරෙහිව ගොනු කර ඇති අභියාචනය ඉල්ලා අස්කර ගැනීමේ කොන්දේසියට අනුවය.

එවකට ජනාධිපති අපේක්ෂක හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ආධාරකරුවෙකු වූ බව කියන ඌවතැන්නේ සුමන හිහිමියන් T56 ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවට සිර දඩුවම් නියම විය.

අත් බෝම්බ 50 ක් සහ සජීවී පතොරම් 210 ක් ළඟ තබා ගත් බවටද එම හිමියන්ට චෝදනා එල්ල වූ නමුත් පසුව එම චෝදනා ඉවත් කෙරිණි.

කොළඹ මාලිගාවත්තේ පිහිටි ශ්‍රී බෝධිරාජරාම විහාරස්ථානයේ විහාරාධිකාරී හිමිනම වූයේද සුමන හිමියන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *