ෆීල්ඩ් මාර්ෂල්ගේ “දේශප්‍රේමි” කෑල්ලට රාජිත ඇතුළු සමගිබලේ එරෙහි වෙති…!

October 29, 2021 at 12:34 pm | by emanisa.lk

සමගි ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශනෙය් නමට “දේශප්‍රේමි” යනුවෙන් එකතු කිරීමට සරත් ෆොන්සේකා සිදුකළ යෝජනාක් රාජිත සේනාරත්න ඇතුළු සෙසු මන්ත්‍රී පිරිස ප්‍රතික්ෂේප කරති.

ඒ, සමගි ජන බලවේගය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය තැනීම සඳහා පසුගිය 27 වෙනිදා රැස් වූ අවස්ථාවේ ය.

පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයට දීර්ඝ හෑලි නොලියන ලෙසත් සරලව ලියන ලෙසත් රාජිත සේනාරත්න එහි දී පවසා තිබේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විමසා ඇත්තේ මේ සඳහා දේශප්‍රේමි යන කොටස ද එකතු කළ හැකි දැයි කියා ය.

ප්‍රකාශනයේ නම නොව වැදගත් වන්නේ අන්තර්ගතය යැයි එහි දී රාජිත සේනාරත්න ඇතුළු පිරිස යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.

වර්තමාන ගැටලු සඳහා එමගින් විසඳුම් යෝජනා කිරීමට හැකි ඉක්මනින් එය ජනගත කිරීමටත් එහි දී පක්ෂය තීන්දු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *