ෆයිසර් එන්නත් මාත්‍රා දෙක ම දුන් 371කට කොරෝනා…! 16ක් රෝහල්ගත කරයි…!

January 30, 2021 at 5:30 pm | by emanisa.lk

කොරෝනා වෛරසය සඳහා ඇමරිකානු ෆයිසර් එන්නත් මාත්‍රා දෙක ම ලබා දුන් 371ක් දෙනෙකුට අවම වශයෙන් සතියකට පසු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊශ්‍රායලයෙන් වාර්තා වෙයි.

මෙම පිරිස වාර්තා වී ඇත්තේ එන්නත ලබා දුන් පුද්ගලයින් 715 425ක් අතරිනි. මෙලෙස ආසාදිත වූ පිරිස අතරින් 16 දෙනෙකු රෝහල්ගත කිරීමට ද සිදු වූ බව එම වාර්තාවල දැක්වෙයි.

ෆයිසර් එන්නත ලබා ගෙන සතියක් ගතවන විට එමගින් ලබා දෙන ප්‍රතිශක්තිය ඉතා ම ඉහළ මට්ටමක පවතින බව අනුමාන කෙරේ.

ෆයිසර් එන්නත 95%ක් සාර්ථක එන්නතක් ලෙස සලකන අතර රුසියාවේ ස්පුට්නික් එන්නතෙහි සාර්ථකත්වය 100%ක් බව සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස