තමා එක ඩොලරයක් හෝ හොරකම් කළේ යැයි ඔප්පු කළහොත් කිණිස්සකින් බඩ කපා ගෙන මැරෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ යැයි හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පවසයි.
මේ වන විට රාජපක්ෂ පවුලේ අයකු මිලියන 400ක නිවසක් මිලයට ගෙන ඇතැයි උපුල් ජයසූරිය චෝදනා කළ බව ද වෙල්ගම පෙන්වා දෙයි.
බොරුවට හොරා යැයි කී ගසමින් නොසිට එම හොරකම ඔප්පු කර රාජපක්ෂ පවුල සදහට ම ගෙදර යැවිය හැකි බවයි, හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ.
ෆයිල් ගොඩවල් පිටින් උස්ස ගෙන එන අනුර දිසානායකලා මේ හොරකම් හැකි නම් ඔප්පු කළ යුතු බව ද හෙතෙම සඳහන් කරයි.
කෙසේ වුව ද තමා ඒ පිළිබඳ සොයා බැලූ බවත් කිසියම් පුද්ගලයෙකු නිවසක් මිල දී ගෙන තිබුණ ද එය රාජපක්ෂවරයෙකුගේ නොවන බව ද කුමාර වෙල්ගම වැඩි දුරටත් කීය.
ඊයේ (01) අතුරු අයවැය විවාදයට එකතු වෙමින් හෙතෙම මේ බව පැවසුවේය.