නීත්‍යනුකූල නොවන මත්පැන් සියයට තුන්සියයකින් වර්ධනය වී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ මත්පැන් භාවිතය පිළිබඳ සිදුකළ සමීක්‍ෂණයක් ඇසුරෙන් නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් මුදල් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ 2004 සිට 2016 වසර දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ මත්පැන් කර්මාන්තය සියයට අනූපහක වර්ධනයක් අත්කරගෙන ඇති බවයි. කෙසේ වුව ද නීත්‍යනුකූල මත්පැන්වල වර්ධනය පෙන්නුම් කරන්නේ සියයට පනහක් ලෙස බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
“මේ විදියට 300% කින් වර්ධනය වූ නීති විරෝධී මත්පැන් තියන්නේ අපි දන්න කියන කැලේ, කොළේ, බඩවැඩියේ පෙරන ඒවා නෙවෙයි. සුරාබදු බලපත්‍ර අරන් තියෙන අයත් මේ නීති විරෝධී මත්පැන් නිපදවනවා.
මේ නීති විරෝධී මත්පැන්වලින් සුරාබදු ආදායම අහිමි වෙනවා. ව්‍යාපාරිකයන් විවිධ ක්‍රම උපයෝගි කරගෙන සුරාබදු ආදායම වසන් කරනවා. බ්‍රිතාන්‍ය ජාතිකයන් අපේ රට යටත් කර ගැනීමට පෙර 1810 වගේ කාලසීමාවක පටන් රජයේ ආදායමෙන් 76% අරන් තියෙන්නේ සුරාබදු ආදායමෙන්.
එවකට සිටි බ්‍රිතාන්‍ය ජාතික ආදායම් කොමසාරිස්වරයා පවා ප්‍රකාශ කර තිබෙනවා, අපිට බදු ලෙස උපයන ආදායමට වඩා විශාල ආදායමක් ව්‍යාපාරිකයන් මේ තුළින් උපයන බව.”
පසගිය 28 වැනිදා පැවැති සුරාබදු නිලධාරීන්ගේ වාර්ෂික සභා රැස්වීම අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.